නාවික හමුදා ජලමාන ක්‍රියාකාරකම් රාජකීය ලංකා නාවික හමුදා ඉතිහාසය තරම් ඈතට දිවයයි. ‍මෙම විෂය පථය ප්‍රථම වරට හදුන්වා දුන්නේ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව විසිනි. එසේම, ආරම්භක අවදියේදී මෙම විද්‍යාව සම්බන්ධව නීරික්ෂණ ක්‍රියාකාරකම් සිදුකිරීමද ඔවුන් විසින්ම සිදු කරන ලදි. එසේ එක් රැස් කරන ලද පැරණි දත්ත වර්ථමානයේ ද නාවික හමුදා සිතියම් සඳහා භාවිතා කරනු ලැබේ.

පුල්මුඩේ ඛණිජවැලි සංස්ථාව වෙනුවෙන් 1962/63 වසර වල සිදු කරන ලද, නිරීක්ෂණ/මිනුම් කටුයුතු නාවික හමුදාව ක්‍රියාත්මක කළ ජලමාන විද්‍යාව හා සම්බන්ධ ප්‍රථම මිනුම්/නීරීක්ෂණ ක්‍රියාකරකම් ලෙස සැලකේ. එහි දී එක්රැස් කරගන්නා ලද දත්ත නාවික සිතියම් නිර්මාණය කිරීමට සහ පුල්මුඩේ ඛණිජවැලි සංස්ථා ජැටිය සහ ප්‍රවේශ මාර්ග සකස් කිරීමට භාවිතා කරන ලදි. 1967 වසර වන වට එවකට ඉන්දියාවේ කොචින් හි පිහිටුවා තිබු ඉන්දියානු ජාතික ජලමාන පාසලේ පවත්වනු ලැබු ජලමාන පාඨමාලා සඳහා නාවික හමුදා නිලධාරින් යොමු කරවීමට කටුයුතු සලසන ලදී. 1970 වසරේ ජනවාරි 19වන දින ප්‍රථම වරට නාවික ජලමාන අංශය පිහිටුවන ලදී. එහි, ප්‍රථම නිලධාරිවරයා වශයෙන් එවකට ලුතිනන් වරයෙකු ලෙස ජස්ටින් ජයසූරිය කටයුතු කළ අතර,පසුව හෙතම නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන්ද කටයුතු කරන ලදී.

1972 වසරේ ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර, මුහුදු සීමා නිරීක්ෂණය කිරිමේ කටයුතු වලදි නාවික ජලමාන අංශය පුරෝගාමි මෙහෙවරක් ඉටුකරන ලදි.මෙහිදී ඉන්දියානු ජලමාන කණ්ඩා‍යමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ කොමාණ්ඩර් ෆ්රෙසර් විසින් නිරීක්ෂණය කළ ඇතැම් තාක්ෂණික ගැටළු පසු කාලීනව සකස් කිරිමේ දී භාවිතා කරන ලදි.

ජාතික අවශ්‍යතාවය තේරුම් ගනිමින් 1984 වසරේ මාර්තු 13 වන දින නාරා (NARA) ආයතනය යටතේ ජාතික ජලමාන කාර්යාලය පිහිටුවන ලදී. එම අවස්ථාවේදි නාවික හමුදාව එම කාර්යාලයට අවශ්‍ය ජලමාන උපකරණ සම්පාදනයෙන් සහ අදාල කාර්යාලයේ මෙහෙයුම් අංශය ක්‍රියාත්මක කිරිමේ පුරෝගාමිත්වය භාරගන්නා ලදි.

අදවන විට නාවික හමුදාවේ ඒකාබද්ධ ප්‍රවේශයක් යටතේ සිය ජලමාන ශක්‍යතාවයන් ප්‍රතිස්ථාපනය කර ඇති අතර, එය ශ්‍රි ලංකාවේ අභිවෘද්ධිය සඳහා ඉදිරියේ දී ඉවහල් වනු ඇත. විශ්ව විද්‍යාල විදුලි සංනිවේදන ආයතන හා ඛණිජ‍ තෙල් සංථාව වැනි හවුල්කාර පාර්ශවයන් සම්බන්ධීකරණය කර ගනිමින්, සිය විශේෂ ප්‍රාගුණ්‍ය ඔවුන් හා බෙදා ගැනීම නාවික හමුදාවේ අභිලාශය වන අතර, එසේ සියළු සම්පත් ඒකරාශි කරගැනීම තුලින් වඩා ඉහල ඵලදායිතාවයක් අත්කර ගැනීම බලාපොරාත්තු වේ.

 
 
ක්‍රියාකාරකම්


සමුද්‍ර ක්‍රියාකාරකම් පිළිබද එක්සත් ජාතින්ගේ ප්‍රඥ්ඥප්තිය අනුව ශ්‍රි ලංකාවේ උතුරු ප්‍රදේශය අශ්‍රිතව “පිල් සලකුණු” නිරීක්ෂණය කිරිම.

පිටත මහද්වීපික ආන්තිකය නිරූපණය කිරිමේ ව්‍යාපෘති කාර්යාලයේ (Delineation of Outer Continental Margin) ඉල්ලීම පරිදි ශ්‍රි ලංකා නාවික හමුදා ජලමාන ඒකකය විසින් “පිල් සලකුණු” නිරීක්ෂණය කිරිමේ මිනුම් ක්‍රියාකාරකම් 2004 නොවැම්බර් 14 වන දින සිට 17 වන දින දක්වා සාර්ථකව සිදු කරන ලදි. එසේම මෙම මිනුම් කටයුතු ශ්‍රි ලංකා මිනින්දෝරු දෙපාර්ථමේන්තුව ජාතික ජලමාන කාර්යාලය සහ පිටත මහද්වීපික ආන්තිකය නිරූපණය කිරිමේ ව්‍යාපෘති කාර්යාලයේ සහභාගිත්ව‍යෙන් සිදුකරන ලදී. එම අවස්ථාවේ දී පේදුරු තුඩුවේ සිට තලෛයිමන්නාරම දක්වා ස්ථාපිත කිරිමට තෝරා ගෙන තිබු “පිල් සලකුණු “ නිරික්ෂණය කිරිමට ද, මිනුම් කටයුතු සදහා දායකවු කණ්ඩායම් තුනක් සමත්විය. මෙම මැනීම් කටයුතු වලට අමතරව මුහුදු වැලි සාම්පල පරික්ෂා කිරිම, ස්ථානිය වාර්ථා සැකසිම සහ නව සලකුණු කිරිම් ස්ථීර ලෙස පිහිටුවීමේ කටයුතු ද සිදුකරන ලදී.

“පිල් සලකුණු” ස්ථාපිත කිරිමේ අදහස පෙරදැරිව උතුරු ප්‍රදේශයේ සිදුකරන ලද ප්‍රථම සංචාරය ලෙස වාර්ථාවේ. මෙම මිනුම් ක්‍රියාවලිය පුරාම ශ්‍රි ලංකා මිනින්දෝරු දෙපාර්ථමේන්තුව සිය පාදක මධ්‍යස්ථානය ක්‍රියාකාරීව පවත්වාගෙන ගිය අතර, එතුලින් ඉතාමත් නිවැරදි තොරතුරු ඒකරාශි කරගැනීමට හැකියාව ලැබුණි. ඔවුන් සතුව තිබු නවීන මිනුම් තාක්ෂණික මෙවලම් ද මේ සඳහා මහෝපකාරි විය.

සෑම මිනුම් කණ්ඩායමක්ම නාවික හමුදා ජලමාන නිලධාරින්, මිනින්දෝරු, භූ විද්‍යාඥයින්, සිවිල් ජල මිනුම් නිලධාරින් සහ මිනුම් සටහන්කරුවන්ගෙන් සමන්විත වු අතර ඔවුන් බලාපොරෝත්තු වු ආකාරයෙන්ම සිය මිනුම් කටයුතු සාර්ථක කරගැනීමට‍ සමත්විය. එහි දී නාවික හමුදාව දැක්වු පහසුකම් සම්බන්ධයෙන් ඔවුහු සිය ප්‍රසාදය පළ කළහ. තවද ජාතික වැදගත්කමක් සහිත කර්තව්‍යයන් සම්බන්ධයෙන් ආයතන අතර, සහයෝයෙන් ක්‍රියාකිරිමෙන් අත්කර ගත හැකි ප්‍රගතිය පිළිබඳව මෙය කදිම නිදසුනක් බවද ප්‍රකාශ කරන ලදි.


ආදම් ගේ පාලම ආශ්‍රිතව පිහිටි වාලුකා දූපතක ගෝලීය ස්ථානීය පද්ධති මධ්‍යස්ථානයක් ස්ථාපිත කරණ සමීක්‍ෂණ කණ්ඩායමක්

සිය බෝට්ටුව වැලි තීරයක ගැටීම වලක්වා ගැනීමට බලවත් පරිශ්‍රමයක නිරත නාවිකයක් පිරිසක් වැලි තීරයක් ආශ්‍රිත පරිසර තත්වය සුවිශේෂ වන අතර ඒය පිළිබඳ පුර්ණ නිගමනයන්ට එළඹීමට අපහසුය. එබැවින් මෙම කලාපය ආශ්‍රිතව කඩිනම් සමීක්ෂණයන් කිරීම ඉතා යෝග්‍ය වේ.