අප හා එක්වන්න

joinus officer.jpg
  • නිලධාරි පුහුණුව

    හැකියාවන්ගෙන් සහ නව ලෝකය දිනා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසු වන ශ්‍රී ලාංකීය දූ පුතුන් හට ශ්‍රී ලංකා නාවික හමුදාවේ පහත සඳහන් අංශ වෙත එක්වී නාවික නිලධාරියෙකු/ නිලධාරිනියක වීමේ ස්වර්ණමය අවස්ථාවක් උදා වී ඇත.

    අධ්‍යන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) සමත් වී තිබිය යුතුය.

    විධායක අංශය සැපයුම් අංශය නාවික පාබල අංශය
    නීති අංශය ඉංජිනේරු අංශය වෛද්‍ය අංශය
    නැවිබඳ කාර්මික අංශය තොරතුරු තාක්‍ෂණ අංශය විදුලි සහ විද්‍යුත් අංශය
    දන්ත වෛද්‍ය අංශය විනයාරක්‍ෂක අංශය තූර් ය වාදක අංශය

    නිලධා‍රීන් ප්‍රධාන වශයෙන් පුහුණු කිරීම සිදු කරනු ලබනුයේ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේය. මීට අමතරව කෙටි කාලීන/ විශේෂ නිලධාරි පුහුණුව ශ්‍රීලංනානෞ ගැමුණු වැලිසර දී පවත්වනු ලැබේ. මෙම පුහුණුවේදී, පුහුණු මධ්‍යස්ථානය තුල සිදුකෙරෙන න්‍යායාත්මක පුහුණුවට අමතරව, නාවික හමුදා නෞකාවන් හා යාත්‍රාවන්ට අනුයුක්තව පරිපූර්ණ ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙයි.

  • නිලධාරීන් බඳවාගැනීමේ ක්‍රියාවලිය

  • ස්ථීර නාවික හමුදා සේවය සඳහා ඉඳුරාම බඳවා ගැනීම

    පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් හිමිකරගෙන තිබීම හෝ වසර 02 ක අත්දැකීම් සමගින් උසස් ජාතික ඩිප්ලෝමාවක් (වසරක) හිමිකරගෙන තිබීම.

  • ස්වේච්ඡා නාවික හමුදා සේවය සඳහා බඳවා ගැනීම

    පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් හිමිකරගෙන තිබීම හෝ වසර 02 ක අත්දැකීම් සමගින් උසස් ජාතික ඩිප්ලෝමාවක් (වසරක) හිමිකරගෙන තිබීම.

  • සේවා ප්‍රවේශ බඳවා ගැනීම

    දැනටත් නාවික හමුදා සේවයේ නිරත සුදුසුකම් සම්පූර්ණ කළ හා නායකත්ව හැකියාවෙන් යුතු නාවිකයින් විශේෂ පුහුණුවකින් පසු අධිකාරියට පත්කිරීමේ ක්‍රමවේදයයි.

  • ශිෂ්‍යභට නිලධාරියකු ලෙස එක්වීමට සම්පූර්ණ කල යුතු සුදුසුකම්
    ශ්‍රී ලාංකීය පුරවැසියකු වීම අවිවාහක පිරිමි අයවලුන් වීම
    වයස අවු 18 - 22 අතර වීම උස අඩි 5 අඟල් 6 වීම
    දුර දර්ශණය 6/6 දෙඇසෙහිම බර රාත්තල් 110 වීම
    පපුව අඟල් 32 වීම (අවම) වර්ණ දර්ශණය එස්ටීඩී II
    ශිෂ්‍යභට නිලධාරීන් සඳහා පවත්වන කාර්යක්‍ෂමතා පරීක්‍ෂණය
  • ඉඳුරාම බඳවාගත්/ ස්වේච්ඡා නාවික හමුදා නිලධාරීන් සඳහා තිබිය යුතු සුදුසුකම්
    ශ්‍රී ලාංකීය පුරවැසියකු වීම අවිවාහක පිරිමි අයවලුන් වීම
    විවාහක/ අවිවාහක පිරිමි/ කාන්තා අයවලුන් වීම උස පිරිමි 5’ 6”,ගැහැණු 5’ 3”
    දුර දර්ශණය 6/6 (දෙඇසෙහිම) පපුව අඟල් 32 වීම - පිරිමි (අවම)
    පපුව අඟල් 32 වීම(අවම) වර්ණ දර්ශණය එස්ටීසී II
    බර පිරිමි රාත්තල් 115 , ගැහැණු රාත්තල් 90

    මූලික පුහුණුව සාර්ථකව නිමකරන නිලධාරීන් හට පහත උසස් පාඨමාලාවන් විදේශයන්හි දී හැදෑරීමේ අවස්ථාව හිමිවේ.

    තාක්‍ෂණික පාඨමාලා නාවික සටන් පාඨමාලා විශේශඥ පාඨමාලා
    මාණ්ඩලික පාඨමාලා පරිපාලන පාඨමාලා ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය පාඨමාලා

    විදේශීය පාඨමාලාවන් (ඩාර්ට්මවුත් බ්‍රිතාන්‍ය රාජකිය නාවික හමුදාවේ පුහුණු ඇකඩමිය විසින් මධ්‍ය නිලධාරීන් සඳහා ලබා දෙන පාඨමාලාව, ඉන්දියාවේදී සහ බංග්ලාදේශයේ ලබා දෙන උප ලුතිනන් තෘතියික පාඨමාලාව) හි පවතින සීමිත පුරපුපාඩු හේතුවෙන් පුහුණු කාලය තුළ දැක්වූ දක්‍ෂතා සැලකිල්ලට ගෙන අදාල තෝරා ගැනීම් සිදු කරනු ලැබේ.

  • සේවා ප්‍රතිලාභ

    ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ සුභසාධනය මෙන්ම යහ පැවැත්ම ඉහල නැංවීමේ අභිලාෂයෙන් සහ ඔවුන්ගේ චිත්ත ධෛර්ය, ඵලදායිතාව වැඩි කිරීමේ අරමුණ ඇතිව, පහත දැක්වෙන සුභසාධන කාර්යයන් සංවිධානය කර ඇත.

  • නොමිලේ ආහාරපාන, නවාතැන්, නිළ ඇදුම් සහ ප්‍රවාහන පහසුකම්

    සියලුම නිලධාරීන් හා නාවිකයන් හට නොමිලේ ආහාරපාන, නවාතැන්, නිළ ඇදුම් සහ ප්‍රවාහන පහසුකම් නොමිලේ හිමිවේ.

  • වෛද්‍ය හා දන්ත වෛද්‍ය පහසුකම්

    සියලුම නාවික පුද්ගලයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට වෛද්‍ය සහ දන්ත වෛද්‍ය පහසුකම් හිමිවේ.

  • ක්‍රීඩා

    වෙඩිතැබීම්, රුවල් ඔරු පැදීම් ඇතුළු ඕනෑම ක්‍රීඩාවක් තුලින් ජාත්‍යන්තර තලය දක්වා ගමන් කිරීමේ අවස්ථාව නාවික පුද්ගලයන්ට හිමිව ඇත.

  • ණය පහසුකම්

    ප්‍රමාණවත් සේවා කාලයක් සම්පුර්ණ කිරීමෙන් පසු නාවික පුද්ගලයන් හට රාජ්‍ය ණය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමිවේ.

joinus sailor.jpg
  • නාවිකයකු ලෙස නාවික හමුදාවට එක්වීම

    ශිල්පීය නොවන නාවිකයන්
    යාත්‍රික කිමිදුම් නාවික පාබල
    සංඥා තූර්ය වාදක ප්‍රවාහන සහයක
    විනයාරක්ෂක විශේෂ යාත්‍රා බලඝන ඉංජිනේරු කාර්මික
    ඉංජිනේරු කාර්මික නැව් බඳ ඉංජිනේරු කාර්මික (කර්මාන්ත) විදුලි කාර්මික
    ගුවන් විදුලි කාර්මික ලිපිකරු සූපවේදී
    භෝජනවේදී ගබඩා සහයක වෛද්‍ය සහයක
    දන්ත වෛද්‍ය සහයක තොරතුරු තාක්ෂණ  
    ශිල්පීය නාවිකයන්
    එන්ජින් කාමර ශිල්පී ගුවන් විදුලි ශිල්පී විදුලි ශිල්පී
    නැව් කාර්මික ශිල්පී සිවිල් ඉංජිනේරු ශිල්පී ස්වයං චලන ශිල්පී

    නාවිකයන්ගේ මූලික පුහුණු පාඨමාලා (මාස 06 ක) ශ්‍රීලංනානෞ නිපුන , ශ්‍රීලංනානෞ ශික්ෂා , ශ්‍රීලංනානෞ ගැමුණු (වැලිසර) , ශ්‍රීලංනානෞ රුහුණ (තංගල්ල) සහ ශ්‍රීලංනානෞ විජය (කල්පිටිය) යන පුහුණු මධ්‍යස්ථාන වලදී සිදුකරනු ලබයි. මෙම මුලික පුහුණුවෙන් පසුව “ රැකියාව මත පුහුණුව” සඳහා අදාල නාවිකයින් නෞකා සහ ආයතන වෙත අනුයුක්ත කරනු ලබයි.

  • ශිල්පීය නොවන පුහුණුව

    මාස හයක මූලික පුහුණුවෙන් පසු අදාල නාවික පුද්ගලයින් “රැකියාව මත පුහුණුව” පිණිස නෞකා සහ ආයතන වෙත අනුයුක්ත කරනු ලැබේ. අනතුරුව ඔවුන්ව දේශිය හෝ විදේශිය විශේෂ පුහුණු පාඨමාලා සඳහා යොමු කරනු ලැබේ.

  • ශිල්පීය අංශයේ නාවිකයන් සඳහා පුහුණුව

    මාස 3 ක හෝ 6 ක මුලික පුහුණුවෙන් පසු දේශියව හෝ විදේශියව ශිල්පීය අංශයේ නාවික පුහුණුව ලබාගැනීමට වරම් හිමිවේ. එම පුහුණු පාඨමාලාව සාර්ථකව නිමකරනු ලබන නාවිකයින් හට නාවික ඉංජිනේරු ඩිප්ලෝමා සහතිකය හිමිකර ගැනීමේ අවස්ථාව උදාවේ.

  • සපුරාලිය යුතු සුදුසුකම්
    ශ්‍රී ලාංකික පුරවැසියකු වීම බර රාත්තල් 105 අවිවාහක පුද්ගලයකු වීම දූර දර්ශණය 6/6 දෙපසෙහිම
    වයස අවුරුදු 18-22 අතර වීම පපුව අගල් 32” උස අවම 5’ 3”
  • සේවා ප්‍රතිලාභ

    චිත්ත ධෛර්යය ඉහළ නැංවීම සහ ඵලදායිතාව ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන්ගේ සහ නාවිකයින්ගේ සුභසාධනය සහ යහපැවැත්ම ඉහළ නැංවීම සඳහා පහත සඳහන් සේවා සහ සුබසාධන ක්‍රියාමාර්ග සංවිධානය කර ඇත.

  • නොමිලේ ආහාර, නවාතැන්, නිල ඇඳුම් සහ ගමන්

    සියලුම නිලධාරීන්ට සහ නාවිකයන්ට ආහාර, නවාතැන්, නිල ඇඳුම් සහ ගමන් බිමන් නොමිලේ ලැබේ.

  • වෛද්‍ය සහ දන්ත සත්කාර

    සියලුම සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට වෘත්තිකයන් සහ පහසුකම් ඇත.

  • ක්‍රීඩා

    වෙඩි තැබීම සහ රුවල් ඔරු පැදීම ඇතුළු ඕනෑම ක්‍රීඩාවකින් ජාත්‍යන්තර මට්ටමින් දස්කම් දැක්වීමට මංපෙත් විවර වේ.

  • ණය පහසුකම්

    සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු රජයේ ණය ප්‍රතිලාභ ලබා ගත හැක.

අයදුම්පත් දැන් කැඳවනු ලබයි

  • නිලධාරී

    “ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරී පුරප්පාඩු සඳහා දැන් අයදුම්පත් කැඳවනු ලබයි.”

    කාරණය අයදුම්පත්‍රය ගැසට් පත්‍රය දැන් අයදුම් කරන්න
    නිලධාරී
  • ශිෂ්‍යභට  නිලධාරී


    අයදුම්පත් දැන් කැඳවනු ලබයි

  • ශිෂ්‍යභට නිලධාරී

    “ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශිෂ්‍යභට නිලධාරී පුරප්පාඩු සඳහා දැන් අයදුම්පත් කැඳවනු ලබයි.”

    කාරණය අයදුම්පත්‍රය ගැසට් පත්‍රය දැන් අයදුම් කරන්න
    ශිෂ්‍යභට නිලධාරී
  • ශිෂ්‍යභට  නිලධාරී


    අයදුම්පත් දැන් කැඳවනු ලබයි

  • ශිල්පීය අංශ නාවිකයින්

    “ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ ශිල්පීය අංශයට ඉඳුරාම නාවිකයින් බඳවාගැනීමේ අයදුම්පත් දැන් කැඳවනු ලබයි.‍”

    කාරණය අයදුම්පත්‍රය ගැසට් පත්‍රය
    ශිල්පීය අංශ නාවිකයින්
  • ශිෂ්‍යභට  නිලධාරී


    අයදුම්පත් දැන් කැඳවනු ලබයි

  • ශිල්පීය අංශ නාවිකයින්

    ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ ශිල්පීය අංශයට නාවිකයින් බඳවාගැනීමේ අයදුම්පත් දැන් කැඳවනු ලබයි.‍

    කාරණය අයදුම්පත්‍රය ගැසට් පත්‍රය
    ශිල්පීය අංශ නාවිකයින්
  • ඉඳුරාම බඳවාගැනීමේ  නාවිකයන්(නිත්‍ය /ස්වේච්ඡා )


    අයදුම්පත් දැන් කැඳවනු ලබයි

  • නාවිකයන් හා කාන්තා නාවිකයන්

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිත්‍ය/ ස්වේච්ඡා ඉඳුරාම බඳවාගැනීමේ නිලධාරී පුරප්පාඩු සඳහා, විදුලි හා විද්‍යුත් ඉංජිනේරු, දන්ත වෛද්‍ය, තොරතුරු තාකෂණ, නීති, සංගීත සහ පොදු ක්ෂේත්‍රයන් යන විෂයයන් සම්බන්ධ උපාධිධාරීන් වෙතින් දැන් අයදුම්පත් කැඳවනු ලබයි.”

    කාරණය අයදුම්පත්‍රය
    නාවිකයන් හා කාන්තා නාවිකයන්
  • ඉඳුරාම බඳවාගැනීමේ  නාවිකයන්(නිත්‍ය /ස්වේච්ඡා )